brand logo

ලංකාවේ දුගී බව 43.9%කින් ඉහළට

21 April 2020

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අර්බුදයට ලක්වන ශ්‍රී ලංකාවේ ආර්ථිකය හමුවේ මෙරට දුගීභාවය 2020 වර්ෂය අවසන් වන විට 43.9%කින් ඉහළ යනු ඇතැයි ​ලෝක බැංකුව ප්‍රකාශ කරයි. එසේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ පැවැත්ම සඳහා දැඩි අරගලයක යෙදීමට සිදුවන අතර රටේ ආර්ථිකය 3%කින් පහළට ගමන් කරනු ඇතැයිද සිය නවතම වාර්තාවෙන් ලෝක බැංකුව පුරෝකථනය කර ඇත. එසේම ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 70%ක්ම නොනිල වෘත්තිකයන් බව පෙන්වා දෙන ලෝක බැංකුව වෘත්තීය ආරක්ෂාව සහ පඩි සහිත නිවාඩු අඩුවීම හේතුවෙන් ඔවුන් අනතුරට ලක්වීමේ ඉඩකඩ වැඩි බව පෙන්වා දෙයි. එසේම කොවිඩ් 19 අනතුර හේතුවෙන් සමාජීය දුරස්ථභාවය පවත්වාගෙන යෑම සඳහා ගෙන ඇති පියවර හේතුවෙන් සේවා අංශ වෙත සෘජු බලපෑමක් එල්ලවන බවද ලෝක බැංකුව පවසයි. සංචාරක සීමා තවදුරටත් දීර්ඝ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තද මුළුමනින්ම බිඳවැටෙනු ඇතැයිද ලෝක බැංකුව අනතුරු හඟවා තිබේ.   නයන තරංග ගමගේ
 

More News..