brand logo

ලංකාවේ කොරෝනා අඩුවන කාලය ගැන ‌හෙළිදරව්වක්

14 May 2021

ලබන ජූනි මස මුල් සතිය පමණ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගෙන් යම් අඩුවක් අපේක්ෂා කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ ඒ සදහා ජනතාව සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඉතාමත් වැදගත් බවයි. කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා රජය පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
 

More News..