brand logo

ලංකාවේ කහ නීතිය නිසා ඉන්දියාවට මාස දෙකක් තුළ කෝටි 50ක් පාඩු වෙලා

20 November 2020

ශ්‍රී ලංකා රජය ඉන්දියාවෙන් කහ ආනයනය කිරීම තහනම් කිරීමත් සමග පසුගිය මාස දෙකක කාලය තුළ රුපියල් කෝටි 50 කට ආසන්න අලාභයක් සිදුවී ඇති බව ඉන්දියාවේ ඊරෝඩ් හි ගොවීන් හා වෙළෙන්දන් කියයි. දේශීය නිෂ්පාදන දිරිමත් කිරීම සඳහා 2019 වර්ෂයේ සිට ශ්‍රී ලංකා රජය ඉන්දියාව ඇතුළු විදේශයන් ගෙන් කෘෂිකාර්මික නිෂ්පාදන කීපයක් ආනයනය තහනම් කිරීමට පියවර ගත්තේය. පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම නිසා මේ තත්ත්වය ඇති වී ඇතැයි ‘‘ද ටයිම්ස් ඔෆි ඉන්ඩියා‘‘ වාර්ථා කර ඇත. ඊරෝඩ් කහ වෙළෙන්දන්ගේ සංගමයේ ලේකම් සත්‍යමූර්ති සඳහාන් කරන්නේ වසරකට කහ ටොන් 7,500 ක් අපනයනය කරන අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නව නීතිය නිසා එකී අපනයනයට අහිතකර බලපෑමක් ඇති වී ඇති බවයි. ඊරෝඩ්හි කහ වල ඇති ඉහළ ගුණාත්මක භාවය ශ්‍රී ලංකාවේ වෙළෙදුන් ආකර්ශනය කර ගැනීමට හේතුවක් වී අති අතර ඊරෝඩ් මගින් ආනයනය කිරීමේ දී ඉතාම ලාබදායී ලෙස ප්‍රවාහනය සිදු කිරීමට ද හැකි වීම වෙළෙදුන්ට පහසුවක් වී ඇති බවද හෙතෙම කියයි. දේශීයව මිලදී ගැනීමේදී ශ්‍රී ලංකාව තුළ කහ කිලෝවක් රුපියල් 70කට ලබා ගත හැකි වුවද ආනයනය කිරීමේදී එය කිලෝවක් ඉන්දියානු රුපියල් 4000ක් වන නමුත් සියලු නිෂ්පාදන වියදම් පියවා ගත් පසුත් කහ කිලෝවක් ඉන්දියානු රුපියල් 2000කට දීමට හැකි බැවින් දිස්ත්‍රික්කයේ වෙළෙදුන් සෘජුවම ආනයන අපනයන වෙළෙදාමට සම්බන්ධ වී සිටින බව සත්‍යමූර්ති කියයි. ඇති වී ඇති අර්බුධය විසඳා ගැනීමට ඉන්දීය රජයට මැදිහත් වී දෙරට අතර කහ වෙළදාම ඉදිරියටත් පවත්වා ගැනීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස ඉල්ලන සත්‍යමූර්ති ශ්‍රී ලංකා රජය දේශීය නිෂ්පාදනය දිරිමත් කිරීමට පියවර ගන්නා අතර දෙරට අතර ඇති වෙළෙදාම ටද ඉඩ දිය යුතු බව ද කියයි.
 

More News..