brand logo

ලංකාවේ ඉස්සන්ට කකුළුවන්ට ඉතාලියෙන් වැඩි ඉල්ලුමක්

20 April 2020

කොවිඩ් අර්බුදය පැවැතිය ද ශ්‍රී ලංකා මුහුදු ආහාර අපනයනය සඳහා දැඩි ඉල්ලුමක් හා ඉහළ මිලක් ලැබෙමින් පවතින බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. එහි සභාපති ප්‍රභාෂ් සුබසිංහ සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන මුහුදු ආහාර අතර නැවුම් සහ ශීත කළ කහ වරල් ටූනා, ඉස්සන් සහ කකුළුවන් ඇතුළත් වන බවයි. කර්මාන්තයේ වටිනාකම ඩොලර් මිලියන 300 ක් පමණ වන බවත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ පොළ වන්නේ යුරෝපය, එක්සත් ජනපදය සහ ජපානය බවත් ඔහු පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර කර්මාන්තය ගුවන් ගමන් මත දැඩි ලෙස රඳා පවතින බැවින් ගෝලීය වශයෙන් පවතින ගුවන් ගමන් සීමා කිරීම් කර්මාන්තයට යම් බාධා කිරීම් පමුණුවා ඇත. කෙසේ වෙතත් මේ හේතුවෙන් දැරීමට සිදුව ඇති අමතර ගාස්තුද දරා ගනිමින් මෙරට සත්ස්‍ය අස්වැන්න මිලදී ගැනීමට විදෙස් රටවල් උත්සුක වන බව සඳහන් කරයි. මේ වන විට දැඩි ලෙස කොවිඩ් වෛරසයෙන් පීඩා විඳින ඉතාලිය මෙලෙස ඉල්ලුම් කෙරෙන විදෙස් රටවල් අතර ඉදිරියෙන් සිටින බවද අපනයන සංවර්ධන මණ්ඩලය කියයි.   නයන තරංග ගමගේ
 

More News..