brand logo

ලංකාවේ ඇඟලුම්කරුවන්ට ඇමරිකාවෙන් ඇණවුම්

29 July 2020

කොවිඩ් මර්දන ක්‍රියාවලියට අවශ්‍ය පෞද්ගලික ආරක්ෂණ උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රී ලාංකික ඇඟලුම් කර්මාන්තකරුවන්ට ඇණවුම් ලබාදීමට ඇමරිකා එක්සත් ජනපදය එකඟතාව පළකර ඇත. ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය අනාවරණය කරන ආකාරයට එම සංසදය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ එක්සත් ජනපදය ඒකාබද්ධව සිදුකෙරෙන මෙම වැඩසටහන යටතේ මෙරට ඇඟලුම් කර්මාන්තකරුවන් 100කට එක්සත් ජනපද වෙළෙඳපොළට පිවිසීමේ අවස්ථාව හිමිවේ. මෙම ව්‍යාපෘතිය සඳහා එක්සත් ජනපද අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ ඒජන්සිය විසින් අරමුදල් සපයන අතර එය ක්‍රියාත්මක කරනු ලබන්නේ ඩෙලොයිට් කන්සල්ටින් (Delloitte Consulting) ආයතනය විසිනි. මෙම වැඩසටහන යටතේ පෞද්ගලික ආරක්ෂණ උපකරණ එක්සත් ජනපද ආහාර සහ ​ඖෂධ පරිපාලන රෙගුලාසිවලට අනුකූලව නිෂ්පදනය කිරීමට නියමිතය. ඒවා ආනයනය සඳහා එක්සත් ජනපදයෙන් විශේෂ අවසරයක් නිකුත් කිරීමටද සිදුවේ.   නයන තරංග ගමගේ
 

More News..