brand logo

ලංකාවේ ආශාට 'සාගර වීරවරිය' සම්මානය

02 December 2020

මෙරට ප්‍රධාන සාගර විද්‍යාඥවරියක් වන ආශා ඩි වොස් 2020 වසරේ සාගර වීරවරිය (Sea Hero)ලෙස නම් කර තිබේ. ලොව ප්‍රකට සාගර සංරක්ෂණ හා සාගර සම්පත් සුරැකුම් පිළිබඳ කතාබහ කෙරෙන ස්කුබා ඩයිවින්ග්ස් (Scuba Diving)සඟරාව විසින් මෙම නම් කිරීම සිදු කර තිබේ. ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිටින නිල් තල්මසුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ආශා ඩි වොස් මහත්මිය ඉටු කල සේවය පදනම් කරගෙනයි ඇය මෙම නම් කිරීමට ලක්වී ඇත. සාගර පර්යේෂණ වෙනුවෙන් ඇයට ඩොලර් 5000 ක ත්‍යාගයක් හිමිවන අතර සාගර ජීව විද්‍යාව හදාරන ලාංකික සිසුන් කිහිප දෙනෙකුට පර්යේෂණාත්මක අධ්‍යයනයක් සිදුකිරීම සඳහා එම මුදල යෙදවීමට නියමිතයි.   සාගර විද්‍යාඥ ආචාර්ය ආශා ඩි වොස් මහත්මිය මේ පිළිබඳ මෙසේ පවසයි........ "සාගර සංරක්ෂණ ක්‍රියාවලියේ දී එයට කැපවන සහ සංරක්ෂණය කළ යුතු අංග හඳුනාගෙන ඒවාට විසඳුම් සොයන පිරිසක් රටකට ඉතාමත් වටිනවා .ඔවුන්ට නිසි මාර්ගෝපදේශනයක් ලබා දිය යුතුයි. මම ඉගෙන ගත්තෙතනිවම . එතකොට නිසි මාර්ගෝපදේශකත්වයක් ලබා ගන්න කෙනෙක් හිටියෙ නෑ. මේක මට ලැබුනු හොඳ අවස්ථාවක් සාගරය ගැන උනන්දුවක් දක්වන පිරිසට උදවි කරන්න. " මීට සති කිහිපයකට පෙර පානදුර වෙරළ තීරයට තල්මසුන් පිරිසක් ගොඩ ගසා තිබූ අවස්ථාවේදී ඔවුන් යළි මුහුදට හරවා යැවීමේ කර්තව්‍යයටද සාගර විද්‍යාඥ ආශා ඩි වොස් මහත්මිය කැපවී කටයුතු කරනු දක්නට ලැබුණි.
 

More News..