brand logo

ලංකාවේන් වෙනස්ම ආකාරයේ සැලසුමක්

28 October 2022

නවසීලන්තය පරදන සැලැස්ම නවීඩ් නවාස් හෙළි කරයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර හෙට (29) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේ දී වෙනස් ආකාරයේ සැලසුමක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වන බව වාර්තා වනවා. එම සැලැස්ම පිළිබඳ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් සඳහන් කරන්නේ, “මේ සිඩ්නි ක්‍රීඩාංගණයේ දී පිතිකරුවන්ට ඕන තරම් ලකුණු තියෙනවා. මේක එදා ඉඳලාම අපට (ශ්‍රී ලංකාවට) ටිකක් වාසිදායක ක්‍රීඩාංගණයක්. මෙතන දී පන්දුව හතරේ සීමාවට ගලායාමත් ඉතාමත් වේගවත්. ඒ නිසා අපට ටිකක් වෙනස් ආකාරයේ සැලසුමක් යොදාගෙන මේ තරගයට යන්න වෙනවා කියන එක අපි හැමෝම දන්නවා. කණ්ඩායමේ හැම දෙනෙක් ම ලොකු හැඟීමකින් ඉන්නේ. හැම කෙනෙක් ම බලාපොරොත්තු තියාගෙන ඉන්නේ අවසන් පූර්ව තරගයට එන්න. ඒක හින්දා මේක කාගේ හරි අලුතින් එන කෙනෙකුගේ අවස්ථාව වෙන්නත් පුළුවන්” යනුවෙන්.
 

More News..