brand logo

ලංකාවට සහන ඉල්ලා ලෝක බැංකුව පෙරට එයි

27 March 2020

ශ්‍රී ලංකාව සහ තවත් රටවල් 75 ක් විසින් ලබාගෙන ඇති ණය මුදල් සඳහා වාරික අයකර ගැනීම් තාවකාලිකව අත්හිටුවන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව විසින් අදාළ ණය සහන ලබා දී ඇති රටවලින් ඉල්ලා ඇත. අදාළ ආයතන වෙනුවෙන් නිකුත් කර ඇති ඒකාබද්ධ නිවේදනයේ දැක්වෙන්නේ අන්තර්ජාතික සංවර්ධන ආධාර අවශ්‍ය කෙරෙන අදාළ රටවල් 75 තුළ ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් වාසය කරන බවත්, වර්තමානයේ එම රටවල් කොවිඩ් -19 වෛරසයෙන් දැඩිව පීඩාවට පත්ව ඇති බවත්ය. ඒ අනුව ණය සහන ලබා දී ඇති රටවල් විසින් ඒ සඳහා අත්සන් කර ඇති ද්වීපාර්ශ්වික ගිවිසුම් දීර්ඝ කරමින් ණය වාරික ගෙවීම් සඳහා සාධාරණ සහන කාලයක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව එම නිවේදනයේ සඳහන් කර ඇත. මෙම රටවල් 75ට අයත් ශ්‍රී ලංකාව, වියට්නාමය සහ බොලීවියාව 2017 වර්ෂයේදී ‘අන්තර්ජාතික සංවර්ධන ආධාර’ ලැබිය යුතු දුගී රටවල් ලැයිස්තුවෙන් ඉවත් කෙරුණද ඒවාටද මෙම ‘ණය සහනය’ ලබා දෙන ලෙස නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.   ශිරන්තනි මානවඩු
 

More News..