brand logo

ලංකාවට එන එංගලන්ත පිලෙන් මුල්පෙළ ක්‍රීඩකයින් හතරක් ‍‍‍‍​ඉවතට

13 February 2020

ටෙස්ට් ලෝක ශූරතාව යටතේ ලබන මාසයේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම්කරන ලද එංගලන්ත කණ්ඩායමෙන් ජේම්ස් ඇන්ඩ්‍රසන්, ජොනී බෙයාර්ස්ටෝ, මොයින් අලී සහ ජොෆ්රා ආචර් ඉවත්කොට තිබේ. ඒ වෙනුවට වේග පන්දු යවන මාක් වූඩ්, වමතින් දඟ පන්දු යවන ජැක් ලීච්, ආරම්භක පිතිකරු කීඩන් ජෙනින්ග්ස් සහ කඩුලු රකින ක්‍රීඩක බෙන් ෆොක්ස්ට කණ්ඩායමේ ස්ථාන හිමි විය. දකුණු වැලමිටෙහි ආබාධයක් හේතුවෙන් ජොෆ්රා ආචර්ට කල් තියා ශ්‍රී ලංකා සංචාරය අහිමි විය. එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන ජේම්ස් ඇන්ඩ්‍රසන්ටද ඉකුත් දකුණු අප්‍රිකා සංචාරයේදී ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලිය අහිමි වී ඇති අතර ඉකුත් තරගාවලීන්හි විශේෂ දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වීමෙන් අලීව කණ්ඩායමෙන් ඉවත්කොට තිබේ. එක්දින, විස්සයි විස්ස සහ ටෙස්ට් යන සෑම රටාවකදීම එංගලන්තය නියෝජනය කරන බෙයාස්ටෝට කණ්ඩායමේ අවස්ථාව අහිමි වී තිබෙන්නේ ඔහුව විවේක ගැන්වීම හේතුවෙනි. එංගලන්ත සංචිතය ජෝ රූට් (නායක), ක්‍රිස් වෝක්ස් (උප නායක) ඩොමිනික් බෙස්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, ජෝස් බට්ලර්, සැක් ක්‍රැව්ලි, සෑම් කරන්, ජෝ ඩෙන්ලි, බෙන් ෆොක්ස්, කීටන් ජෙනින්ග්ස්, ජැක් ලීච්, මැතිව් පාකින්සන්, ඔලී පෝප්, ඩොමිනික් සිබ්ලි, බෙන් ස්ටෝක්ස්, ක්‍රිස් වෝක්ස්, මාක් වූඩ්
 

More News..