brand logo

ලංකාවට එන ඉන්දීය සංචිතය නම් කරයි

12 May 2021

එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරග තුනක් සඳහා ලබන ජුලි මාසයේ ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වෙනු ඇතැයි සැලකෙන 24 දෙනෙකුගෙන් යුත් ඉන්දීය කණ්ඩායම නම්කර තිබේ. අදාළ කණ්ඩායමේ නායකත්වය ශිකර් ධවාන්, හර්දික් පාණ්ඩ්‍යා, බුවනේෂ්වර් කුමාර්, සන්ජු සැම්සන් හෝ යොවුන් ක්‍රීඩක ප්‍රිත්වි ශෝට හිමිවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාකර සිටී. ඉන්දීය ක්‍රිකට් පිලේ නිත්‍ය නායක විරාට් කෝලි, රෝහිත් ෂර්මා, රවීන්ද්‍ර ජඩේජා, ලෝකේෂ් රාහුල්, රිශාබ් පන්ට්, ජස්ප්‍රිට් බුම්රා, මොහොමඩ් ශාමි වැනි එක්දින සහ විස්සයි විස්ස පිටියේ කැපී පෙනන ක්‍රීඩකයන් එම කාලයේ එංගලන්තය සමග ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම හේතුවෙන් ශ්‍රී ලංකා තරග සංචාරයට එක් නොවේ. ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා එක්වෙතැයි අපේක්ෂිත ඉන්දීය සංචිතය ශිකර් ධවාන්, ප්‍රිත්වි ශෝ, බුවනේෂ්වර් කුමාර්, දෙව්දත් පඩික්කාල්, සූර්යකුමාර් යාදෙව්, ඉශාන් කිෂාන්, සන්ජු සැම්සන්, මනීෂ් පාණ්ඩේ, රුතුරාජ් ගයික්වාඩ්, හරිදික් පාණ්ඩ්‍යා, කෘනාල් පාණ්ඩ්‍යා, රාහුල් තේවටියා, ශිවාම් දූබේ, විජේ ශන්කර්, දීපක් චාහර්, නව්දීප් සයිනි, හර්ෂාල් පටෙල්, කලීල් අහමඩ්, ජයදේව් උනඩ්කට්, චේතන් සකාරියා, වරුන් චක්‍රවර්ති, යුස්වේන්දර් චහාල්, කුල්දීප් යාදෙව්, රාහුල් චාහර්
 

More News..