brand logo

ලංකාපුර 90ක් ස්වයං නිරෝධායනයට

03 August 2020

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ලංකාපුර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අලුතින්ම හමුවූ කොරෝනා රෝගියාගේ ආශ්‍රිතයින් ලෙස පවුල් 19කට අයත් පුද්ගලයන් 90 දෙනෙකු සිය නිවෙස්වල ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බව පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ,වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා පවසයි. ඔවුන් සියලුම දෙනා පී.සී.ආර්.පරීක්‍ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරී කරන සිවිල් ආරක්‍ෂක භටයෙකුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇතිබව පී.සී.ආර්පරීක්‍ෂණවලින් ඊයේ(02) දිනයේ තහවුරුකරගෙන තිබෙන අතර එම සිවිල් ආරක්‍ෂභටයාගේ බිරිඳ සහ දියණිය දැනට පී.සී.ආර් පරීක්‍ෂණ සඳහා යොමුකර පොළොන්නරුව මහ රෝහලේ කෝවිඩ්-19 සැකකටයුතු අය රඳවා තබන වාට්ටුවක නේවාසිකව සිටින බව පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කර ඇත.
 

More News..