brand logo

රෝහිතගේ නඩුව කල් යයි

18 February 2020

රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකරන ලද නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය ලබන 24 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ මෙම නඩුව අද(18) කැඳවූ අවස්ථාවේ වෙනත් නඩුවක් විභාගයට ගැනීමට නියමිතව තිබෙන හෙයින් මෙම තීරණය ලබා දී තිබුණි. සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 41.3 වත්කම් සහ මුදලක් 2004 වසරේ සිට 2006 වසර දක්වා කාලසීමාව තුළ උපයා ගැනීමේ චෝදනාවට අල්ලස් කොමිසම විසින් රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව ඉකුත් රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි.
 

More News..