brand logo

රෝහලේ සිට සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

23 May 2021

රැල්ලට එරෙහිව ජාතියක් ලෙස එක් වනැයි ජනතාවට ඇරියුමක්

කෝවිඩ් 19 රෝගයට ගොදුරු ව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය මූනුපොතේ තැබූ සටහනකින් ජනතාව ආමන්ත්‍රනය කර ඇත. ඉංග්‍රීසි භාෂාවෙන් තබා ඇති එම සටහනේ තමන්ට හා තම බිරියට වෛරසය ආසාදනය වූ ආකාරය දක්වා ඇත. එම සටහනේ සිංහල පරිවර්තනය පහත වේ.

‘‘ඊයේ දිනයේ මගේ බිරිය කෝවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිසා රෝහල්ගත වුණා. ඉන්පසු ඇයට කළ පී සී ආර් පරක්ෂණයේදී ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මම ද ඉන්පසු පී සී ආර් පරීක්ෂණයක් කරගත් අතර මීට සුළු මොහොතකට කලින් එකී පරික්ෂණ වාර්තාවට අනුව මට ද වෛරසය ආසාදනය වී ඇති බව දැනගන්නට ලැබුණා.

මගේ බිරියට රෝග ලක්ෂණ පහළ වී පරීක්ෂණයට ලක්කරන විටත් මා කෙරෙන් රෝග ලක්ෂණ පහළ වුණේ නෑ.

කෙසේ වෙතත් අපි දෙදෙනාම මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මෙම අතිශයින්ම අසීරු අවස්ථාවේදි ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් සාමුහිකව කරන කටයුත්ත සාර්ථක කරගැනීම උදෙසා විපක්ෂයේ කාර්යය භාරය ඉදිරියට කරගෙන යාම මගේ ප්‍රමුඛ කටයුත්ත ලෙස සලකා ක්‍රියා කරන බවට සහතික වෙමි.

සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් සුරක්ෂිතව සිටින ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටින අතර මෙම රැල්ලට එරෙහිව ජතියක් ලෙස අපි සියලුදෙනා එකට එකතු වී සටන් කරමු. අපට මෙය පරාජය කළ හැක.‘‘ උපුටා ගැනීම අවසන්.
 

More News..