brand logo

රෝහලේ දී කාන්තා මෘත ශරීර දෙකක් මාරු වෙලා

01 May 2021

කාන්තා මෘත ශරීර දෙකක් මාරු වීමෙන් නිකවැරටිය මුලික රෝහලේ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ. නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි කාන්තාවකගේ සහ මහව ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි කාන්තාවකගේ මෘත ශරීර එලෙස මාරු වී ඇත. 67 හැවිරිදි කාන්තාවගේ මෘත ශරීරය මහව ප්‍රදේශයේ මියගිය කාන්තාවගේ ඥාතීන් වෙත භාර දී ඇති අතර ඔවුන් එම මෘත ශරීරය ආදාහනාගාරයකට ගෙන ගොස් අවසන් කටයුතු සිදුකර ඇතැයි වාර්තා වේ. නිකවැරටිය ප්‍රදේශයේ මියගිය කාන්තාවගේ ඥාතීන් මෘත ශරීරය ලබාගැනීමට රෝහලට පැමිණි අවස්ථාවේ දී එය තම ඥාතියාගේ නොවන බව දැනගැනීමෙන් පසුව ඔවුන් කලහකාරී ලෙස හැසිරී තිබේ. නිකවැරටිය ප්‍රදේශයේ මියගිය කාන්තාවගේ ඥාතීන් විසින් රෝහලෙන් මේ පිළිබඳව නිසි පිළිතුරක් නොලැබුණ බවට චෝදනා කර සිටින අතර, නිකවැරටිය පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර බව ඔවුන් පැවසීය.
 

More News..