brand logo

රෝහල් 18කට භාර නොගත් කොරෝනා රෝගියෙක් මරුට

06 July 2020

රෝහල් 18කට භාර නොගත් ඉන්දියාවේ කොරෝනා රෝගියෙක් ප්‍රතිකාර නොලබාම ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මියගොස් ඇත්තේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බෙංගලෝර්හි පදිංචි පනස් දෙහැවිරිදි භවර්ලාල් සුජානි නමැති තැනැත්තෙකි. ශ්වසන අපහසුතාවකින් පෙළෙන්නට වූ භවර්ලාල්ව ඔහුගේ සොයුරා බෙංගලෝර්හි භගවත් මහාවීර් රෝහලට ගෙන ගොස් තිබෙන්නේ කිලෝමීටර 5ක් පමණ දුර මග ගෙවාගෙනය. එම රෝහලෙන් භවර්ලාල්ව එක්ස් කිරණ පරීක්ෂණයකට යොමු කර ඇති අතර එහි වාර්තාව බලා රෝහල් කාර්ය මණ්ඩලය ඔහුව රෝහලට ඇතුළු කරගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ වනවිට භවර්ලාල්, කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් සිට ඇත. භගවත් මහාවීර් රෝහලට භාර නොගත් භවර්ලාල්ව ගිලන් රියක නංවා ගෙන තවත් රෝහල් කරා රැගෙන යන්නට භවර්ලාල්ගේ ඥාතීන් කටයුතු කර තිබේ. ඒ කිසිදු රෝහලක, රෝහල් කාර්යය මණ්ඩල භවර්ලාල්ට ප්‍රතිකාර ලබාදීමට එකඟ වී නොමැත. පවුලේ ඥාතීන් පවසන්නේ රෝහල් 18කට භවර්ලාල්ව රැගෙන ගිය බවයි. එසේම තවත් රෝහල් 32කට දුරකථන ඇමතුම් ගෙන රෝගියාගේ තත්ත්වය පැහැදිලි කර ප්‍රතිකාර ලබාදීමට එකඟ වන ලෙස ඔවුන් ඉල්ලා සිට ඇත. මංජුලා විජයරත්න
 

More News..