brand logo

රෝහල් සායනයකට පැමිණි අයෙක්ට කොවිඩ්

05 December 2020

නාවලපිටිය, හයින්පොඩ් ප්‍රදේශයේ 42 හැවිරිදි තිදරු පියෙකුට කොරෝනා වෛරසය අසාදනයවී ඇතැයි වාර්තා වේ. කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් අවිස්සාවේල්ල, බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවක පැමිණ සිටි නාවලපිටිය මහ රෝහලේ සායනයකට මෙම පුද්ගලයා ද පසු ගිය 27 වන දා පැමිණ ඇති අතර එහිදී  ඔහුට කොරෝනා වෛරසය අසාදනය වී තිබේ. අදාළ සේවිකාව මෙම පුද්ගලයාට ඉදිරියෙන් සායනයට සහභාගීවීම සඳහා පෝලිමේ රැඳී සිට ඇත. එදින ම, එම කාන්තාවට කොරෝනා වෛරසය අසාදනයවී ඇති බවට හඳුනා ගැනීමෙන් පසු එම සායනයට පැමිණ සිටි අනෙක් පුද්ගලයන් ද ස්වයං නිරෝධනයට යොමු කර තිබේ. පසුව එම පුද්ගලයන්ගේ සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ අනුව මෙම තිදරු පියාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද (4) තහවුරුවී ඇත. ඒ අනුව, ඔහුගේ පවුලේ සාමාජිකයන් සිව් දෙනෙකු තවදුරටත් ස්වයං නිරෝධනයට යොමු කර ඇති අතර ආසාදිතයා ප්‍රතිකාර සඳහා යාපනය, කරදියනාරු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.
 

More News..