brand logo

රෝහල්වල අවශ්‍යතා සඳහා රාජ්‍ය ඇමතිනිය ධනවතුන්ගේ සහය පතයි

16 May 2021

කොවිඩ් රෝගීන් ප්‍රමාණය වැඩි වෙමින් පවත්නා බැවින් රෝහල්වලට අවශ්‍ය පහසුකම් සැපයීමට සහයෝගය ලබාදෙන ලෙස මෙරට දනවතුන්ගෙන් ඉල්ලීමක් කරන බව රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කර තිබේ. රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පෙන්වා දෙන්නේ රෝගී සත්කාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා රෝහල්වල අඩුපාඩු පවතින බවයි. එසේම ICU ධාරිතාව වැඩි කරද්දි අවශ්‍ය උපකරණවල අවශ්‍යතා මේවන විට පවතින බවද සඳහන් කර ඇත. රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, "අපි පුරෝකථනය කරලා තිබුණා මේ අලුත් තත්ත්වයත් එක්ක එන මරණ සංඛ්‍යාව වැඩි වෙයි කියලා. අපේ රටේ ධානපතියන්ගෙන් අපි ඉල්ලනවා මේ වැඩපිළිවෙලට අවශ්‍ය සහයෝගය ලබාදෙන්න කියලා. මොකද රෝහල් පද්ධතියට ඔක්සිජන් සපයගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම ICU ධාරිතාව වැඩි කරද්දි ඇතිවෙන උපකරණවල අවශ්‍යතා තිබෙනවා. ඒ නිසා අපි ධානපතියන්ගෙන් ඉල්ලන්නේ තමුන්ගේ ප්‍රදේශවල රෝහල් සමග එකතුවෙලා ඒ අවශ්‍ය කරන උපකරණ සඳහා පුංචි හෝ ආධාරයක් කරන ලෙසයි."
 

More News..