brand logo

රෝගීන් රෝහලේ වෛද්‍යවරු පෝලිමේ

28 June 2022

බාහිර ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් ආපසු හැරී යයි  

නිකවැරටිය රෝහල් වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩල ඉන්ධන පෝලිමේ රැඳී සිටීම හේතුවෙන් රෝහල් කටයුතු අඩාල වී ඇත. රෝහල් කාර්ය මණ්ඩලය විසින් මේ වන විට තම රථ වාහන ඉන්ධන නොමැතිව මහමග නැවතී ඇති නිසා දහස් ගණනක් වූ රෝගී ජනයාට අඛණ්ඩව ප්‍රතිකාර ලබා දීම සඳහා වහා ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇත. ඉන්ධන පිරවුම්හල්වලින් තමන්ට ඉන්ධන ලබා දීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති කමින් මෙම තත්ත්වය උදා වී ඇති බවද ,ඉන් රෝගී ජනයාටද බලවත් අසාධාරණයක් සිදුව ඇති බවද රෝහල් කාර්ය මණ්ඩලය සඳහන් කර ඇත. රෝහලේ අත්‍යාවශ්‍ය ප්‍රතිකාර සේවා පමණක් ක්‍රියාත්මක වන අතර රෝහල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කාර්ය මණ්ඩලවලට ඉන්ධන ලබා නොදීම හේතුවෙන් මෙම තත්වය උදා වී ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කර තිබේ. රෝහල් බාහිර රෝගී අංශ අඩාල වීමෙන් බාහිර ප්‍රතිකාර සඳහා පැමිණි පිරිස් ආපසු හැරී යන අයුරු ද දක්නට ලැබුණි .
 

More News..