brand logo

රෝගීන්ට වෛද්‍ය උපදෙස් වීඩියෝ තාක්ෂණය මගින්

01 April 2020

රෝහල්වල බාහිර රෝගී අංශවලට පැමිණෙන රෝගීන්ට තම නිවසේ සිටම වීඩියෝ තාක්ෂණය ඔස්සේ වෛද්‍ය උපදෙස් ලබාගැනීමේ නියමු ව්‍යාපෘතියක් ඊයේ (31දා) ආරම්භ කෙරුණි. සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන්, බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. මෙහිදී වෛද්‍යවරයා හා රෝගියා අතර ජංගම දුරකථන මාර්ගයෙන් එම වෛද්‍ය සේවාව ක්‍රියාත්මක කිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම තාක්ෂණික ක්‍රමවේදය ඉදිරියේදී අනෙකුත් රෝහල්වලින්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ සඳහා ODOC යන යෙදුම සිය ජංගම දුරකථනයට භාගත කිරීමෙන් සෑම රෝගියකුටම මෙම සේවාව ලබාගත හැකිවනු ඇත. ​මේ පිළිබඳව ඉදිරියේදී ජනතාව දැනුවත් කිරී‍මේ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සහ එහි තොරතුරු ඒකකය හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය. එමෙන්ම මේ පිළිබඳව වැඩි විස්තර 0770773333 යන දුරකථන අංකය ඔස්සේ දැනගත හැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.   චාමර පල්ලේගෙදර
 

More News..