brand logo

රෝගියෙකු නිසා රෝහලක්ම වැසෙයි

01 February 2021

බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබූ රෝගීයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග එම රෝහලේ තාවකාලිකව වසා දමා තිබේ. බගවන්තලාව ප්‍රාදේශිය රෝහල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ. එස්. කේ. ජයසූරිය මහතා පැවසුවේ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු, හෙදියන් තිදෙනෙකු සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හයදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ බවයි. ඊයේ (31) දින දියවැඩියා රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගියෙකුගේ රෝගී තත්ත්වය උත්සන්නවීම හේතුවෙන් මෙම රෝගියා දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යවා තිබේ. එහිදී එම රෝගියා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයටක යොමු කර ඇති අතර, එමගින් ඔහුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. මේ හේතුවෙන් බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේදි එම පුද්ගලයාට ප්‍රතිකාර කිරීමට සම්බන්ධ වූ කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කර තිබේ. කෙසේ වෙතත් එම රෝහල විෂබීජහරණය කිරීමෙන් පසු නැවත හැකි ඉක්මනින් විවෘත කිරීමට කටයුතු කරන බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා සදහන් කරයි.
 

More News..