brand logo

රොහාන් වැලිවිට අගමැති මාධ්‍ය ලේකම් තනතුරට

19 August 2020

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස මාධ්‍යවේදී රොහාන් වැලිවිට මහතා පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ඊයේ (18) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රොහාන් වැලිවිට මහතාට ලබා දුන්නේය. ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහන් කළමනාකාර හා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කළ රොහාන් වැලිවිට මහතා 2000 වර්ෂයේ දී ඉන් ඉවත්ව මහින්ද රාජපක්ෂ මහතා ධීවර අමාත්‍යවරයාව සිටි සමයේ ඔහුගේ මාධ්‍ය උපදේශක ලෙස රොහාන් වැලිවිට මහතා කටයුතු කළේ ය. මහින්ද රාජපක්ෂ මහතා පළමුවර විපක්ෂ නායක ධූරය දැරූ කාලසීමාවේදී ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළේ, රොහාන් වැලිවිට මහතායි. ඔහු අවස්ථා කිහිපයකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්, උපදේශක සහ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් යන තනතුරු හෙබවූ නිලධාරියෙකි.
 

More News..