brand logo

රොහාන් ප්‍රනාන්දු ඔරු පැදීමේ සභාපති ධුරයට තෙවැනි වරටත් නිතරගයෙන්

14 September 2018

බත්තරමුල්ල කලපළුවාවේ ශ්‍රී ලංකා ඔරු පැදීම් සංගම් මූලස්ථානයේ දී 11 වැනිදා පැවැති එම සංගම් නිලවරණයේදී රොහාන් ප්‍රනාන්දු මහතා නැවතත් එහි සභාපති ධුරයට නිතරගයෙන් පත්විය. මෙහිදී අදාළ සියළු නිලයන් නිතරගයෙන් තේරීපත්වූ අතර අඛණ්ඩ තෙවැනි වරටත් සභාපති ධුරයේ වැඩභාරගනිමින් මෙය තමන් විසින් එම ධුරය දරනු ලබන අවසන් අවස්ථාව යැයි රොහාන් ප්‍රනාන්දු මහතා පැවසීය. සංගමයේ අනාගතය තරුණ ජවයට භාරදීම පිණිස සූදානම් කළ යුතු බවත් ඒ අනුව මෙම ධුරකාලය අවසන්වීමෙන් පසු සභාපති තනතුරින් තමන්ගේ ඉවත්වීම නිසැක වශයෙන්ම සිදුවන බවත් ඒ මහතා පැවසීය. මෙහිදී හිටපු ලේකම් දිළුම් ගුණවර්ධන මහතා නැවතත් ලේකම් ධුරයට පත්වූ අතර කමාන්ඩර් චමින්ද විජේසිරි සහ සිතිර වික්‍රමසේකර මහතා උපසභාපති ධුර සඳහා පත්වූහ. උප ලේකම් තනතුර සඳහා රිෂේන් ප්‍රනාන්දු මහතා ද, භාණ්ඩාගාරික තනතුර සඳහා දමිත් සුබසිංහ මහතාද තේරිපත්විය. එහිදී සංගමයේ කමිටු සාමාජික ලෙස දේවා හෙන්රි මහතා නම් කර තිබුණේය.
 

More News..