brand logo

රොහාගේ මරණය කනත්තේ සමරලා

26 September 2020

ගොනා කෝවිලේ රොහා නම් කුඩු ජාවාරම්කරුවාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රීතිය පළකිරීම සඳහා ගල්කිස්ස කනත්තේ සාදයක් පැවැත්වීමට සූදානම් වූ සිව් දෙනෙකු ඊයේ (25)අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය කියයි. මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ගොනා කෝවිලේ රොහාගේ ප්‍රතිවිරුද්ධ කල්ලි නායකයකු වන රත්මලාන කුඩු අංජුගේ නැඟණිය ඇතුළු සිව් දෙනෙකි. 2016 වසරේ ජූනි මාසයේ මහර අධිකරණය අසලදී ගොනා කෝවිලේ රොහා නමැත්තා විසින් කුඩු අංජු ගේ සහෝදරයා වූ සුරේෂ් අසංක සිල්වා හෙවත් ලංසියා නමැත්තා වෙඩි තබා ඝාතනය කළ බව කියැවේ. ගල්කිස්ස කනත්තේ පිහිටි ඔහුගේ සොහොන අසල මෙම සාදය පැවැත්වීම සඳහා සූදානම් වෙමින් සිටියදී පොලිසිය මගින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම සාදය සඳහා ඩුබායි සිට ලක්ෂ 20 ක මුදලක් එවා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. අත්අඩංගුවට පත් සැකකරුවන් සමඟ සංගීත භාණ්ඩ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබිණි.
 

More News..