brand logo

රොහාගේ අවසන් කටයුතුවලට දැඩි පොලිස් ආරක්ෂාවක්

26 September 2020

පොලිසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවක දී මියගිය දේවමුණි හැරල්ඩ් රෝහණ ද සිල්වා හෙවත් ‘රත්මලානේ රොහාගේ‘ මරණය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු අද (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ. අඟුලාන පොදු සුසන භූමියේ දී අද පස්වරු 04.00 ට අවසන් කටයුතු සිදුකෙරෙන බව වාර්තා වේ. මේ වන විටත් ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර අවශ්‍ය වුවහොත් ආරක්ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොමු කිරීමට ද පියවර ගෙන තිබේ. රත්මලානේ රොහාගේ මරණයේ සතුට සමරන ලෙස ‘කුඩු අංජු‘ සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණි. පාතාල සාමාජිකයින් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් හේතුවෙන් රත්මලානේ රොහාගේ මරණයේ සතුට සමරන ලෙස ‘කුඩු අංජු‘ එහිදී සඳහන් කර තිබුණි. කෙසේවෙතත් ‘රත්මලානේ රොහාගේ‘මරණය සැමරීමට සූදානම් වන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය ඊයේ (25) දැනුම් දුන්නේය.  
 

More News..