brand logo

රොස්බාරොන් සමාගමේ අලුත් තුරුම්පුව හෙලිකොප්ටර් වැඩපොළක් වව්නියාවට

30 June 2019

රුසියාවේ රාජ්‍ය සමාගමක් වන රොස්බාරොන් ආයතනය මගින් වව්නියාවේ ගුවන් හමුදා කඳවුර භූමියේ හෙලිකොප්ටර් යානා අලුත්වැඩියා කිරීමේ ඒකකයක් ස්ථාපිත කිරීමේ යෝජනාවක් ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. එම සමාගමේ මෙරට නියෝජිතයකු මගින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත. 2015 වර්ෂයේදී අදාළ යෝජනාව එම සමාගම ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා ඩොලර් මිලියන දහ නවයක පිරිවැයක් දරන බව සඳහන් කර තිබේ. ඒ සමග එවකට ගුවන් හමුදාව ප්‍රකාශ කර සිටියේ ඒ තරම් මුදලක් වැයකිරීම නිෂ්ඵල බවය. ඉන්පසු එම ව්‍යාපෘතිය ඇනහිටියේය. කෙසේ වෙතත් මෙවර එම සමාගම යෝජනා කර ඇත්තේ ඩොලර් මිලියන හතළිහක් වැය වන බවයි. කෙසේ වෙතත් හෙලිකොප්ටර් යානා අලුත්වැඩියා කරන ආයතනයක් මෙරට ආරම්භ කළද වෙනත් රටවල යානා අලුත්වැඩියාවට මෙරටට නොපැමිණෙන බව ආරක්ෂක අමාත්‍යාංශයයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය. දැනට ඉන්දියාවේ හා වියට්නාමයේ එවැනි යානා අලුත්වැඩියා කරන ආයතන ඇති නිසා ඒවාට වැඩි ඉල්ලුමක් පවතින බව ඔහු පවසයි. මීට පෙර එම සමාගම ඩොලර් මිලියන එකසිය අනූවකට ශ්‍රී ලංකාවට නැවක් ලබාදීමටද සැලසුම් කළේය. මධුභාෂණ හේරත්
 

More News..