brand logo

රොෂාන් රණසිංහට රාජ්‍ය අමාත්‍ය ධූරයක්

16 February 2021

රොෂාන් රණසිංහ මහතා පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ. ඒ මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍ය ධූර‌යේ දිවුරුම් දී ඇත. මීට පෙර රොෂාන් රණසිංහ මහතා විසින් ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළේය.
 

More News..