brand logo

රොෂාන් මෛත්‍රීට කී රහස කුමක්ද ?

04 September 2020

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේ මහත් කතාබහට ලක්වූ කරණයක් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ රාජ්‍ය අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතාගේ දේශපාලන කතිකාවන් දේශපාලන රැස්වීම් වලදී ඉතා උණුසුම් ව තිබුණා. එහෙත් අද (04) හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ රාජ්‍ය අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා අද (04) එකම ස්ථානයකට රැස්ව සිටියා. මෙහිදී  දෙදෙනා ඉතා ලෙංගතු අයුරින් එකිනෙකාට ආචාර කරමින් සිනාමුසු මුහුණෙන් සිටිනු දක්නට ලැබුණා. ඒ පොළොන්නරුවේ පැරකුම් උයන ප්‍රදේශයේ ඉදිකළ වැඩිහිටි නිවසය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) උදෑසන විවෘත කළ අවස්ථාවේ දී යි. හිටපු ජනාධිපතිතුමන් ගේ සොහොයුරා වන ඩඩ්ලි සිරිසේන මහතාගේ මූල්‍ය ප්‍රතිපාදන මත එම වැඩිහිටි නිවාසය ඉදිකර තිබෙනවා. එම අවස්ථව සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් යන මහත්වරුන් ද එක්ව සිටියා.
 

More News..