brand logo

රොයිස් නැති කටානේ කෙරුමා විජිත් විජයමුණිද ?

15 July 2019

එක්සත් ජාතික පක්ෂය විසින් විජිත් විජයමුණි සොයිසාට කටාන ආසනය ලබාදෙන බවට නොනිල පොරොන්දුවක් දී තිබෙන අතර මෙතෙක් එජාපයේ කටාන ආසන සංවිධායකයා ලෙස කටයුතු කළ රොයිස් ප්‍රනාන්දු පසුගියදා බන්ධනාගාරගතවීමත් සමග ඊට කදිම ‘අවස්ථාවක්’ ද ලැබී තිබේ. මේ ‘අවස්ථාව’ නිසාම දෝ මන්දා මේ දිනවල විජිත් විජයමුණි සොයිසා වැඩිපුරම ගැවසෙන්නේ ‘කටානේ’ ය. පසුගියදා මිනුවන්ගොඩ පීල්ලවත්තේ කරක්ගසමින් සිටියදී පසුගිය සතියේ දවසක සරල කරුණාරත්න සහ සරණ කරුණාරත්න යන පොදුජන පෙරමුණේ නීතීඥවරුන්ට විජිත් විජයමුණි සොයිසා මුණගැසී තිබුණි. කෙසේවෙතත් විජිත් විජයමුණි සොයිසා මේ ආකාරයට කටානේ කරක්ගැසීම ගැන කටානේ එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ දැඩි අමනාපයට හේතු වී ඇති බවක් නම් පෙනේ. පසුගියදා විජිත් විජයමුණි සහභාගී වූ කටානේ රැස්වීමකට එළියේ රැඳී සිටි එජාප පාක්ෂිකයින් ‘හූ කියා’ තිබුණේ ද එබැවිනි. බදාදා සවස සජිත් ප්‍රේමදාස රත්මලානට ගොස් තිබුණේ, හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආරාධනයෙනි. එමෙන් ම ඒ පන්සලක ඉදිකෙරෙන විහාරාවාසයකට මුල්ගල් තැබීමේ උත්සවයක් වෙනුවෙනි. මෙහිදී ද සජිත් ප්‍රේමදාස ‘ජනාධිපති අපේක්ෂකයා තමන්’ බව ඇඟවෙන පරිදි කතාවක් කළේ ය.‘‘තරාදියකට බහා මැන බැලුවොත්, ඔබට ම පෙනෙයි කවුද සුදුසු කෙනා කියලා... අපේක්ෂකත්වය එක්කෙනෙක් දෙන්නෙක් තුන්දෙනෙක් එකට එකතුවෙලා තීරණය කරන්න දෙන්න එපා...’’ සජිත් වැඩිදුරටත් පැවසුවේ ය.
 

More News..