රොබට් මුගාබේ අභාප්‍රාප්ත වෙයි
06 September 2019
රොබට් මුගාබේ අභාප්‍රාප්ත වෙයි
06 September 2019
ඔහුගේ පවුලේ ඥාතීන් පැවසුවේ පසුගිය අප්‍රේල් මස සිට සිංගප්පූරුවේ පෙ$ද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රොබට් මුගාබේ අද අභාවප්‍රාප්ත වූ බවයි.
මියයන විට මුගාබේ 95 හැවිරිදි වියේ පසුවිය.
රොබට් මුගාබේ 1924 වර්ෂයේ පෙබරවාරි මස 21 වැනි දින රොඩේෂියාවේ උපත ලැබීය.
කලක් අප්‍රිකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති මෙම රට මෙහෙයවනු ලැබුවේ සුදු ජාතිකයින් විසිනි.
1964 දී රොඩේෂියා රජය විවේචනය කිරීමෙන් පසු ඔහු නඩු විභාගයකින් තොරව දශකයකට වැඩි කාලයක් සිරගත කරන ලදී.
සිම්බාබ්වේ නිදහස් සටනේ නායකයකු වූ මුගාබේ 1980 දී එරට නිදහස ලැබූ විට එහි පළමු අගමැති බවට පත් විය.
ඉන් අනතුරුව 1987 වර්ෂයේදී මුගාබේ ව්‍යවස්ථා වෙනසකින් පසු ජනාධිපති බවට පත් විය.
වසර 37 ක බලයෙන් පසු මුගාබේ මහතා 2017 දී හමුදා කුමන්ත්රණයකින් නෙරපා හරින ලදී.