brand logo

රොකට්ටුවක් උඩ අරින්න ජනාධිපතිගෙන් මුල්‍ය ප්‍රතිපාදන

13 October 2018

සෑම දරුවෙකුගේ උපන්දිනයට පැලයක් රෝපණය කරවීමට ඔවුන් නැඹුරු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරවීමට කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සමරු උත්සවයට එක්වෙමින්. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සමරුවට සමගාමීව සංවිධානය කර තිබෙන X-Ban ප‍්‍රදර්ශනය අද (13) දින විවෘත කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. බණ්ඩාරනායක සිසුන්ගේ හැකියාවන් ලොවට ගෙන යන X-Ban ප‍්‍රදර්ශනය නැරඹීමට එක් වූ ජනාධිපතිතුමා එම සිසුන්ගේ දක්ෂතා ඇගැයීමට ලක් කළේය. එහිදි ගිහාන් හෙට්ටිආරච්චි සිසුවා විසින් නිපදවා තිබෙන රොකට්ටුව මෙහිදී ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයට ලක් වූ අතර එම රොකට්ටුව ගුවන් ගත කිරීමට අවශ්‍ය කටයුතු සහ ඒ සඳහා වන වියදම් ලබාදීමට කටයුතු කරන බව ද සඳහන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. මෙහිදි ශ්‍රී ලංකා ටෙලිකොම් විදැස ඩිජිටල් ඉස්කෝලේ ජනගත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදුකෙරුණේය. මේ අතර මහර නව පරිපාලන ගොඩනැගිල්ල ජනතා අයිතියට පවරා දීම අද සිදු කෙරුණේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්ය.
 

More News..