brand logo

රේගුව භාරයේ ඇති රාජසන්තක කළ වාහන පොලීසිය ඉල්ලයි

03 November 2020

ශ්‍රී ලංකා රේගුව භාරයේ ඇති රාජසන්තක කළ වාහන පොලීසියට ලබාදෙන ලෙසට අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය රජයෙන් ඉල්ලා ඇත. එම ඉල්ලීම කරමින් අමාත්‍ය මණ්ඩලයට කැබිනට් සංදේශයක් ද ඉදිරිපත්ව ඇත. මේ වන විට රේගුව භාරයේ ඇති මට්ටක්කුලිය වාහන අංගනයේ ඇති වාහන වලින් රාජසන්තක වාහන 229ක් පොලීසියට ලබාදෙන ලෙස ඉල්ලා තිබේ. ප්‍රමාණවත් වාහන නොමැති බැවින් පොලිස් දෙපාර්තමේන්තුව දෛනිකව විවිධ ගැටළු රැසකට මුහුණ දෙන බවත් මෙම වාහන ලබාදෙන ලෙසට අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය ඉල්ලා ඇත.
 

More News..