brand logo

රේගුවේ වර්ජනයට සුරාබදු දෙපාර්තමේන්තුවේ සහය

04 February 2019

රේගු නිලධාරීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහය පළ කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති 14 ක් එකඟත්වය පළ කර ඇති බව වාර්තා වෙයි. හෙට දිනයේදී ඊට සහය පළ කරමින් කන්ටේනර් ප්‍රවාහනකරුවන්ගේ සංගමය මෙන්ම වාප්පු ලිපිකරුවන්ද සේවා කටයුතුවලින් ඉවත්වීමටයි තීරණය කර ඇති බව වාර්තා වන අතර මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් තමන් අපහසුතාවයට පත්ව ඇති බව පවසමින් හෙට දිනයේ පිටකොටුව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළඳසැල් වසා දැමීමට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳුන්ගේ සංගමය තීරණය කර ඇත. මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාර්ල්ස් යළි සේවයේ පිහිටුවීමට කටයුතු නොකිරීමට එරෙහිවය. වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් රුපියල් බිලියන 3 ත් 4 ත් අතර මුදලක් රජයට අහිමිවන බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් සඳහන් කරයි.
 

More News..