brand logo

රූමි මොහොමඩ් ජනවාරි 6තෙක් රිමාන්ඩ්

31 December 2019

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා ලබන ජනවාරි 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මීට සුළු වේලාවකට පෙර නියෝග කළේය. අද පෙරවරුවේ රූමි මොහොමඩ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේය. ඉන් අනතුරුව ඒ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරනු ලැබුවේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා ජනවාරි 6 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
 

More News..