brand logo

රූමිගේ මෝසම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

02 January 2020

ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීම සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් ඔහුගේේ නීතිඥ වරු විසින් ඉදිරිපත් කළ මෝසමක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් අද (02) නියෝග කරනු ලැබුවාය. එහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ නඩුව ලබන සදුදා(06) කැඳවීමට නියමිත බවයි. එදින මෙම ඇප ඉල්ලීම සිදුකරන ලෙසද මහේස්ත්රාත්වරිය විසින් සැකකරුගේ නීතිඥවරුන්ට දැනුම් දෙන ලදී. ඉකුත් 31 වනදා රහස් පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගන්නා ලද රුමී මොහොමඩ් නමැති සැකකරු ආන්දෝලාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ පුද්ගලයින් දෙදෙනාට මුදල් ගෙවීම් සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බව රහස් පොලිසිය විසින් අධිකරණය හමුවේ දැනුම් දී තිබුණි. එම කරුණු සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකාර මොහොමඩ් රූමි ලබන 06 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කර තිබුණි. එම වාතාවරනය හමුවේ තම සේවා දායකයා ඇප මත මුදා හැරීම පිළිබඳව කරුණු දැක්වීම සඳහා අවසර දෙන්නැයි ඉල්ලමින් ඔහුගේ නීතිඥවරු විසින් මෙම මෝසම ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබුණි. (අධිකරණ වාර්තාකරු)
 

More News..