brand logo

රූමස්සල කඳු පාමුල ගල්පර්වතවල වැදී සිරවී තිබු නැවෙන් තෙල් ගොඩ බෑම අවසන්

25 July 2019

රූමස්සල කඳු පාමුල ගල්පර්වතවල වැදී සිරවී ඇති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ තිබු තෙල් ප්‍රමාණය මුහුදු ජලයට කාන්දු වීමට ඉඩ නොදී නැවෙන් ඉවතට ගැනීමේ කටයුතු ඉකුත් 21දා ආරම්භ කළ අතර ඊයේ (24) සවස වනවිට සියලු තෙල් ප්‍රමාණයන් ඉවතට ගැනීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රමුඛ විවිධ ක්ෂේත්‍රවල නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමේදී හැකිවිය. සියලු තෙල් ප්‍රමාණයන් (ඩීසල් සහ ජලය සමග එකතුවූ ඩීසල්) ප්‍රථමයෙන් ගොඩබිම ඇති ටැංකිවලට පුරවා, පසුව ලොරියක ඇති ටැංකිවලට පුරවා අවසානයේ බවුසර්වලට පිරවීම සිදුවිය. අදියර තුනකින් මෙසේ දුෂ්කර කාර්යයක් කිරීමට සිදුවුයේ නැව සහ මාර්ගය අතර දුර සහ එහි තිබු දුෂ්කරතාවන් නිසාය. මීළඟට ඇත්තේ නැව එම ස්ථානයෙන් ඉවත් කිරීම බවත් සමුද්‍ර දුෂණ වැළක්වීමේ පනත අනුව නැව වහාම එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙස අදාළ නැව් ඒජන්තවරයා ට ලිඛිතව දැනුම් දී ඇති බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ජගත් ගුණසේකර මහතා “අරුණ” ට පැවසීය. කාලගුණයේ සහ කාර්මික දෝෂයන් නිසා තෙල් ගොඩබෑමට දින කිහිපයක්ම ගතවිය. හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්  
 

More News..