brand logo

රූපවාහිනිය බැලුවම හිතෙනවා ජනාධිපතිට තනියම රට කරන්න බැහැ කියලා

23 June 2020

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත්වූ පසු හිටපු  ජනාධිපතිවරු සියලු දෙනාටම වඩා වෙනස් විදිහකට රට පාලනය කරයි කියා  බලාපොරාත්තු වුණත් පහුගිය දිනවල රුපවාහිනිය බලා සිටියම ගෝඨාභය රාජපක්ෂ  මහතාට පමණක් තනිව එය කිරීමට නොහැකි බව තේරුම් ගිය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රීධුර අපේක්ෂක දුමින්ද දිසානායක මහතා පැවසීය. අනුරාධපුර ගල්නෑව ප්‍රදේශයේ පෙරේදා (22) සවස පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතාපැවසිය. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති බවට පත්වූ පසු මේ රටේ මහා පරිවර්ථනයක් සහ හිටපු ජනාධිපතිවරු හැමෝටම වඩා වෙනස් විදිහකට මේ රට පාලනය කරයි කියා අපි බලාපොරාත්තු වුණා. හැබැයි පහුගිය දිනවල රුපවාහිනිය දෙස බලා සිටියම  ගෝඨාභය මහත්තයාට පමණක් තනිව එය කළ නොහැකි බව අපට තේරුණා. ඒ නිසයි එතුමාට නිළධාරීන් පවා ගෙන්වා කෑ ගහන්න සිද්ධ වුණේ. එහෙම නම් මෙම මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා එතුමට ගැ‍ලපෙන  ශක්තිමත් කණ්ඩායමක් එක්ක තුනෙන් දෙකක බලයක් සහිත රජයක් පිහිටුවීමට ජන්දය දෙන්න ඕන. ඒ බලය තුළ අපිට පුළුවන්කම ලැබෙනවා මේ රටට අවශ්‍යය නීතී- රීතී සම්පාදනය කිරීම වගේම අනවශ්‍යය නීතී-රීතී  ඉවත් කිරීමට. සමහර වෙලාවට රටේ දැනට ක්‍රියාත්මක නීතී -රීතී සමග රට පාලනය කිරීමට ගියාම තමයි අර ගෝඨාභය මහත්තයා නිලධාරීන්ට තරහින් කෑ ගැහුවා වගේ කෑ ගහන්න සිදු වෙන්නෙ. මොකද ලෝකයත් එක්ක ඉදිරියට යන වීට අපේ රටේ නීතිත් අලුත් වෙන්න ඕන. එතුමා කිව්වේ කොරෝනා වලින් ආර්ථිකය කඩා වැටුණු ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න බැංකු වලට උදව් කරන්න කියල. එහෙම කිරීමේදී බැංකු වලට හරස්වන නීති- රීතී තියනවා නම් අපි ඒවා පාර්ලිමේන්තුවට අණපනත් ගෙනවිත් වෙනස් කර දිය යුතුයි. ඒවා වෙනස් කිරීමට පාර්ලිමේන්තුවට බලය තියෙන්න ඕන.ඒ නිසා ජනාධිපතිවරණයේදී මැතිවරණයේදී ගෝඨාභය මහත්තයා ජයග්‍රහණය කරවීමට මහන්සි වුණාට වඩා වැඩි මහන්සියකින්, මහමැතිවරණයේදී  තුනෙන් දෙකක බලයක් සහිත රජයක් පිහිටුවීමට හැකියාව ලැබෙනව. එහෙම නොවුණොත් පෙර පැවති පාර්ලිමේන්තු වගේම ගෝඨාභය මහත්තයත් තව අවුරුදු පහකින් ජනතාව ඉදිරියට ඇවිත් කියයි ඔයගොල්ල මට බලය දුන්නට ශක්තිමත් පාර්ලිමේන්තුවක් නොදුන් නිසා මටත් හරිහැටි ජනතාවට සේවය කිරීමට බැරි වුණා කියල. ඒ නිසා මේ මැතිවරණයේදී අපි හැමෝම එකා වගේ අත්වැල් බැඳගෙන තුනෙන්  දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  ජයග්‍රහණය කරවීමට අධිෂ්ඨාන කර ගත යුතුයි. මේක අමාරු නෑ. පහුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමාට ඡන්ද ලක්ෂ 69ක් ලැබුණ. ඒ ලක්ෂ 69 නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණොත් අපට මන්ත්‍රී ආසන 125 ක් පමණ ලබා ගැනීමට හැකියාව තිබෙනව. එම ප්‍රතිශතය අනුව මන්ත්‍රී ආසන එකසිය පනහක් ලබා ගැනීම සඳහා අපට තවත් මන්ත්‍රීධුර විසි පහක් අඩුයි. එහෙම නම් සෑම දිස්ත්‍රික්කයකින්ම එක මන්ත්‍රී ධූරය බැගින් ජන්ද ගොඩ වැඩි කර ගැනීමට අප කටයුතු කළොත් පහසුවෙන්ම තුනෙන් දෙකේ බලයක් සහිත රජයක් පිහිටුවීමට හැකියාව ලබෙනව.
 

More News..