brand logo

රූපවාහිනිය පවරා ගැනීම ගැන කබීර්ගේ ප්‍රකාශ රනිල්ගේ විවේචනයට

14 September 2019

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ සභාපති ඇමැති කබීර් හෂීම් මාධ්‍යයට කළ ප්‍රකාශ පිළිබඳ පක්ෂ නායකත්වයේ අවධානය යොමු වී ඇත. එක්සත් ජාතික පෙරමුණේ රජයක් යටතේ එම රජයේ අමාත්‍යාංශයකට අයත් රාජ්‍ය ආයතනයක් මෙලෙස පවරා ගැනීම පිළිබඳ එජාප සභාපතිවරයා ජනාධිපතිවරයාට පක්ෂපාතී අදහසක් පළකොට ඇතැයි පක්ෂ නායකත්වයේ අදහස වී ඇත. මීට පෙර පක්ෂ සභාපතිවරයා විවිධ අවස්ථාවලදී කළ ප්‍රකාශ සම්බන්ධයෙන්ද පක්ෂ නායකත්වය විවේචන ඉදිරිපත් කර තිබේ. සභාපතිවරුන් පත් කිරීම පිළිබඳ මතු වූ අර්බුදයක් මත ජනාධිපතිවරයා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගන්නා ලදී. ඒ වන විට එම සංස්ථාවේ සිටි සභාපතිනිය ඉනෝකා සත්‍යාංගනී ප්‍රකාශ කරන්නේ තමන් තවමත් එහි සභාපති බවයි. එහෙත් ජනාධිපති කාර්යාලය විසින් සරත් කෝන්ගහගේ රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ධුරයට පත් කිරීම සඳහා ඔහුගෙන් තොරතුරු විමසා ඇත. සංස්ථාව තුළ පවතින අර්බුද අවසන්කර පාඩුව පියවා ගැනීම සඳහා මාසිකව රුපියල් මිලියන 40 ක මුදලක් ලබා දීම වැනි කරුණු ඉටු කරන්නේ නම් පමණක් සභාපති ධුරය භාර ගන්නා බව එහිදී සරත් කෝන්ගහගේ ප්‍රකාශ කර තිබේ. උදයජීව ඒකනායක
 

More News..