brand logo

රූගත කිරීම් වලට වන බාධා ගැන පැමිණිල්ලක්

05 November 2020

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සෞඛය උපමානයන් යටත්ව ටෙලි නාට්‍ය රූගත කිරීම සඳහා අවසර ලබා දී තිබියදීත් ටෙලිනාට්‍ය රූගත කිරීම සඳහා දිගින් දිගටම බාධා එල්ල වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශයකයින්ගේ සංසදය විසින් ජනමාධ්‍ය අමාත්‍යවරයාට ලිඛිත පැමිණිල්ලක් කර තිබේ. එම සංගමයේ සභාපති නෙත් එෆ් එම් ප්‍රධානය විධායක නිලධාරී අසංග ජයසූරිය හා ලේකම් දෙරණ මාධ්‍ය ජාලයේ නියෝජ්‍ය සභාපති ලක්සිරි වික්‍රමගේ යන මහත්වරුන් විසින් මෙම පැමිණිල්ල කර තිබේ. ඉකුත් මැයි 05 වැනිදා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතින් කළ ඉල්ලීමකට අනුව පෙර කී අනුමැතිය ලබා දී ඇති අතර එහි පිටපත් ජනමාධ්‍ය අමාත්‍යංශය, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, මුදල් අමාත්‍යංශයේ ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හා මහජන සෞඛ්‍ය්‍ය පරීක්ෂකයින්ගේ සංගමයේ සභාපති වෙත යොමු කර ඇත. රටේ ජනතාවට සංවරණය සීමා කොට නිවෙස්වලම කාලය ගත කීරීමට උපදෙස් ලබා දී ඇති මොහොතක ජනතාවට ඇති ප්‍රධානම විනෝදාස්වාද මාධ්‍ය රූපවාහිනිය බව එකී ලිපියෙන් පෙන්වා දී ඇති විද්‍යුත් විකාශයකයින්ගේ සංසදය මෙම තත්ත්වය වර්ධනය වීමට පෙර මේ සඳහා මැදිහත් වන ලෙසද ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත. රූගත කිරීම් කර්මාන්තය ආශ්‍රිතව සෘජුව යැපෙන්නන් 4500ක් පමණ සිටින අතර උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ඔවුන් විශාල අපහසුතාවකට පත් වී ඇති බවද සංගමය විසින් පෙන්වා දී ඇත. තත්ත්වයය මෙසේ වුවද මේ වන විටත් රූපවාහිනී නාලිකා කීපයක විකාශය වන ටෙලි නාට්‍ය ගණනාවක් රූගත කිරීම් නවතා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇති අතර බණ්ඩාරවෙල රූගත කිරීමකට ගොස් සිටි ජනප්‍රිය නිලි ශලනි තාරකා ඇතුළු 25 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් ගම්වාසීන්ගේ මැදිහත් වීම මත දින 14ක් නිරෝධායනය කිරීමටද කටයුතු කර ඇත. ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය ජනමාධ්‍ය අමාත්‍යවරයාට යොමු කළ ලිපිය පහත දැක්වේ.
 

More News..