brand logo

රු. 8000ක අල්ලසක් ලබාගත් ලංගමයේ ටිකට් පරීක්ෂකවරුන් තිදෙනෙක් අත්අඩංගුවට

06 November 2019

රුපියල් 8000ක මුදලක් අල්ලස් මුදලක් ලෙස ලබාගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මහනුවර ප්‍රාදේශීය කාර්යාලයට අනුයුක්තව රාජකාරි කරන ලද ජංගම ටිකට් පරීක්ෂකවරුන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය දිනෙක බස් රථයක කොන්දොස්තරවරයෙකු විසින් මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් නොකර සිටීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම වෙනුවෙන් රුපියල් 20,000ක අල්ලස් මුදලක් ඉල්ලා ඇත. එදින ඔහු විසින් රුපියල් 12,000ක මුදලක් ලබාදී ඇති අතර, ඉතිරි රුපියල් 8000ක අල්ලස් මුදල අද දින ලබාගත් අවස්ථාවේදී මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම් පොළේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලැබිණ. සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
 

More News..