brand logo

රු. 20,000 ලබාදිය හැකි ක්‍රමය සජිත් කියයි

16 July 2020

කොවිඩ්-19 වසංගත තත්ත්වය පැවැති සමයේ ජනතාවට රුපියල් 20,000ක සහනය ලබාදීමට හැකි ආකාරය පිළිබදව සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කොත්මලේ ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සදහන් කළේය. කොවිඩ් වසංගතයට මුහුණ දුන් රටවල් රැසක්ම මූල්‍ය උත්තේජක පැකේජය ලබාදුන් බවත්, මෙරට ජනතාවට ද එය සහන පැකේජය ලබාදීමට හැකි බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ආණ්ඩුව තුළ සිදුවන නාස්තිය, වංචාව, හොරකම සහ දූෂණය නැවැත්වීම මගින් මෙන්ම ප්‍රතිඵලයක් නොමැති ව්‍යාපෘති නැවැත්වීම මගින් ජනතාවට රුපියල් 20,000 ලබාදිය හැකි බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
 

More News..