brand logo

රු. 10,000ක් අල්ලස් ලෙස ලබාගත් පොලීසියේ දෙදෙනෙකුට වසර 28 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්

09 January 2020

රුපියල් දසදහසක මුදලක් (10,000) අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු අරලගංවිල පොලිසියේ රාජකාරී කළ පොලිස් පරීක්‍ෂවරයකුට සහ කොස්තාපල්වරයකුට වසර 28 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා අද (9) නියම කළේය. 2009 වර්ෂයේ අරලගංවිල පොලිසියේ සේවය කළ අවස්ථාවේදී නීති විරෝධී ලෙස ගෝන මස් තොගයක් ළඟ තබා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවකුට එරෙහිව නීති මගින් කටයුතු නොකිරීම සඳහා විත්තිකරුවන් රුපියල් 10,000 ක මුදලක් ඉල්ලා ඇත. එම මුදල අල්ලස් වශයෙන් ලබා ගත් අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් එම සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගත් අතර පසුව එම කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය. විත්තිකරුට එරෙහි චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 20,000/- බැගින් දඩ නියම කළ අතර දඩ මුදල් නොගෙවුවහොත් අමතර මාස 04 බැගින් අමතර සිරදඬුවම් ද නියම කළේය.
 

More News..