brand logo

රු. මිලියන 58ක් වටිනා රන් බිස්කට් සමග ගුවන් තොටුපළ සේවකයෙකු අත්අඩංගුවට

05 January 2020

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ භාණ්ඩ ප්‍රවාහනය කරන සේවකයෙකු රුපියල් මිලියන 58කට අධික වටිනාකමින් යුත් රත්‍රං බිස්කට් තොගයක් සමග රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සන්තකයේ රත්‍රං බිස්කට් 65ක් තිබූ බව ගුවන් තොටුපළ රේගු නිලධාරීන් සදහන් කරයි. ඔහු සිය සිරුර තුළ සඟවා මෙම රන් බිස්කට් රැගෙන යෑමට තැත් කළ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. රේගුව සදහන් කළේ ලද තොරතුරකට අනුව කළ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
 

More News..