brand logo

රු. මිලියන 2ක් වටිනා කේරළ ගංජා තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට

21 August 2019

යාපනය,කයිට්ස්, පුංගුඩුතිව් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රැම් 16 ග්‍රැම් 5 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ(20) අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය කයිට්ස් පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ නාවික හමුදාව හා යාපනය පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව සිදුකළ මෙහෙයුමකදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැකකරුවන් ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනෙන ලද කේරළ ගංජා තොගය සහිත පාර්සල 08 ක් එලෙස ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පැවසීය. ‍පොලිසිය පැවසුවේ වවුනියාව හා මන්නාරම ප්‍රදේශයෙන්ගේ පදිංචි වයස අවුරුදු 29 ක් හා 42 ක් වන පුද්ගලයින් දෙදෙනෙකු හා කැබ් රථයක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය. කයිට්ස් පොලිසිය පැවසුවේ ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනෙන ලද ගංජා යාපනය,කයිට්ස්,ඩෙල්ෆ්,කන්කසන්තුරය හා පේදුරුතුඩුව වෙරළ තීරයන් ඔස්සේ මෙරටට රැගෙනවිත් ජාවාරම්කරුවන් විසින් මෙරටට බෙදාහැරීම සිදුකරන බවයි. වසරේ ගතවු කාලය තුළදි පමණක් මෙරටට රැගෙන ඒමට උත්සහ කිරීමේදී සහ රට තුල තිබූ තහනම් මත්ද්‍රව්‍ය වන හෙරොයින් කිලෝග්රැම් 452, කේරළ ගංජා කිලෝග්‍රැම් 2397 ක්, දේශිය ගංජා කිලෝග්‍රැම් 03 ක්, බීඩි කොළ කිලෝග්රැම් 29009 ක්, මදන මෝදක පැකට් 6800 ක්, මත් වීම සඳහා යොදා ගත් වේදනා නාශක ඖෂධ කරල් සහ පෙති 802 ක්, නීති විරෝධී දුම්වැටි 8140 ක් සහ හෂිස් කිලෝග්‍රැම් 01 ක් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකර දෙමින් නාවික හමුදාව මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට දායක වී ඇති බව නාවික හමුදාව නි‍වේදනය කරයි. වවුනියාව මාධව කුලසූරිය
 

More News..