brand logo

රු. දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 50ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

29 May 2020

රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 50ක් සමග සැකකරුවන් දෙ‌දෙනෙකු පොල්පිතිගම නිකවැවදී ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා 17 සහ 29 හැවිරිදි ගලේවෙල බඹරගස්වැව ප්‍රදේශයේ පදිංචිකරු‌වෝය. කායවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබන මෙම සැකකරුවන් දෙදෙනා විසින් පොල්පිතිගම ප්‍රදේශයට පැමිණ වෙළෙදසැලකට රුපියල් දහසේ මුදල් නෝට්ටුවක් ලබාදී භාණ්ඩ ලබාගෙන තිබේ. එම මුදල් නෝට්ටුව ගැන සැකසිතී වෙළෙදසැල් හිමියා පොල්පිතිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඒ.පී.ඒ. කුලතුංග ට දැන්වීමෙන් අනතුරව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. ඉදිරි විමර්ශන පොල්පිතිගම පොලීසිය විසින් සිදුකරයි. හේමන්ත ලියනපතිරණ
 

More News..