brand logo

රු. කෝටි 500යේ දියමන්තිය පේරාදෙණිය සරසවියට

12 March 2019

පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ නිවසින් පැහැරගත් රුපියල් කෝටි 500ක අධික වටිනා දියමන්තිය පරීක්ෂා කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත යොමුකිරීමට නියමිතය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලබා ඉදිරියේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බවයි. මෙම දියමන්තිය පරීක්ෂා කිරීම සඳහා පොලීසිය ඊයේ (11) මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කළ ද එම කටයුතු සිදු වී නොමැත. මාකඳුරේ මදූෂ්ගේ සැලසුමකට පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ නිවසකින් පසුගියදා කොල්ලකන ලද රුපියල් කෝටි 500 කට අධික වටිනාමකමකින් යුත් දියමන්තිය පසුගිය 05 වැනිදා සොයා ගනු ලැබුවේ පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයෙනි. ඒ සම්බන්ධයෙන් සැකපිට කැලුම් ඉන්දික නොහොත් කැලුමා නමැති අයෙකු අත්අඩංගුවට ගෙන සිටී.
 

More News..