brand logo

රු. කෝටි 5ක රන් ආභරණ කොල්ලයේ සැකකරුවන් අත්අඩංගුවට

26 September 2019

තලාතුඔය ගාල්තැන්න ප්‍රදේශ දේවාලයකින් රුපියල් කෝටි 5ක් වටිනා රන් ආභරණ කොල්ලකෑමේ සිද්ධියේ සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මූලස්ථානය සදහන් කළේ එම සැකකරුවන් සිව්දෙනා අද (25) අළුයම අත්අඩංගුවට ගත් බවයි. තලාතුඔය පොලීසිය ගාල්තැන්න ප්‍රදේශයේ මාර්ගය දෙපස CCTV දර්ශන පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව සහ ලැබුනු තොරතුරු මත සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය ඔස්සේ සිදු කරන ලද වැඩිදුර විමර්ශන වලින් අනතුරුව අපරාධයට පැමිණි සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් සමග කොල්ලකන ලද රුපියල් ලක්ෂ 500ක් වටිනා කිලෝ 10කට අධික රන් ආභරණද සොයා ගැනීමට පොලීසිය හැකි වී ඇත. ඊයේ (25) අළුයම 3.45ට පමණ ගාල්තැන්න ප්‍රදේශයේ දේවාලයක මෙම කොල්ලකෑම සිදුව තිබුණි. එහිදී සැකකරුවන් 6දෙනෙකු පැමිණ එහි සිටි කිහිපදෙනෙකු බියගන්වා අත්පා ගැටගසා රුපියල් ලක්ෂ 04ක පමණ මුදල් සහ කිලෝ 10කට අධික රන් ආභරණ කොල්ලකැගෙන පලාගොස් තිබුණි.
 

More News..