brand logo

රු. කෝටි 20,000 ක ණය උගුලක සිරවී සිටින විදුලිබල මණ්ඩලය ගොඩගැනීමට කටයුතු කරන්න

20 December 2019

ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසර අවසාන වනවිට රු. කෝටි 20,000ක ණය උගුලක සිරවී සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් විජිත හේරත් මහතාට අද පත්වීම් ලිපිය ලබාදුන් අවස්ථාවේදීය. එහිදී අදහස් පළකළ මහින්ද අමරවීර අමාත්‍යවරයා, ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසර අවසාන වනවිට රු. කෝටි 20,000ක ණය උගුලක සිරවී සිටිනවා. ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ පාඩුව රු.කෝටි 8500 කි. එමෙන්ම ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති මුදල රු.කෝටි 8200කි. ඊට අමතරව පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම නිසා එම ආයතන වලට ගෙවීමට ඇති මුදල රු.කෝටි 4300 ක්. සමස්තයක් ලෙස ගත්කළ රු. කෝටි 20,000ක ණය උගුලක සිරවී සිටින ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමටත්, එම ණය උගුලෙන් ගැලවීමටත් කටයුතු කරන ලෙස නව සභාපතිවරයාගේ අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය. රජයේ ඉලක්කය මෙන්ම ජනාධිපතිතුමාගේ අපේක්ෂාව වන්නේ පරිසරය දූෂණය අවම කරමින් හරිත බලශක්ති උත්පාදනයට යොමුවීම බැවින්, පසුගිය වසර 5 තුළ අකර්මණ්‍ය කර තිබූ සූර්යබල ශක්ති ව්‍යාපෘති, සුළං බලශක්ති ව්‍යාපෘති ඇතුළු පරිසර හිතකාමී බලශක්ති නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දී එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා කටයුතු කරන මෙන්ද සදහන් කළේය.
 

More News..