brand logo

රු. කෝටියකට අධික වටිනා හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

02 June 2020

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 496ක් සමග සැකකරුවන් දෙදෙ‌නෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මූලස්ථානය සදහන් කළේ අද (02) උදෑසන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බවයි. අදාළ හෙරොයින් තොගය සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී දිවුලපිටිය බස් නැවතුම්පල අසලදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22ක් හා 42ක් වන කිඹුලාපිටිය හා මිනුවන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන බව පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 10කට අධික වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.  
 

More News..