brand logo

රුහුණ විශ්ව විද්‍යාලයේ කුලපති පල්ලත්තර සුමනජෝති නාහිමියෝ අපවත් වෙති

09 June 2019

රුහුණ විශ්ව විද්‍යාලයේ කුලපති ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත පල්ලත්තර සුමනජෝති නාහිමියෝ අපවත් වී ඇත. ගාල්ල මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරායේ විහාරාධිපති ලෙස වැඩවිසූ හිමියෝ අපවත් වන විට 95 වැනි වියෙහි පසුවූ අතර 1924 දී බෙලිඅත්තේ පල්ලත්තර දී උපන් උන්වහන්සේ පැවිදි දිවියට ඇතුළු වූයේ 1937 දීය. 1944 දී කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත්වී ප්‍රාචීන පණ්ඩිත විභාගයෙන් සමත්වූ සුමනජෝති හිමියන් හෝමාගම විද්‍යාවර්ධන පිරිවෙනේ සහ පොළොන්නරුව පලුගස්දමන මහා විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස සේවය කර තිබේ.
 

More News..