brand logo

රුහුණු සරසවි සිසුවියගේ පියාට කොවිඩ්

12 October 2020

මාතර වැල්ලමඩම ප්‍රදේශයේ පිහිටි රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකගේ පියෙක් නව කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබේ. එම ශිෂ්‍යාවගේ පියා පසුගිය සැප්තැම්බර් මස 27 වන දින ඇය බැලීමට නවාතැන්පළට ගොස් ඇති අතර ඔහු කඳාන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන අයෙක් බවට අනාවරණය වී තිබේ. සිසුවියගේ මව ක්තෝබර් මස 3 වන දින ඇය බැලීමට පැමිණ ඇති අතර ඇය ආසාදිතයෙක් නොවන බව ද වාර්තා වේ. ආසාදිත පුද්ගලයාගේ දියණිය රුහුණු විශ්වවිද්‍යාලයේ පළමු වසර විද්‍යා පීඨ සිසුවියක් වන අතර අදාළ ශිෂ්‍යාව සහ ඇය සමග දෙවුන්දර, කපුගම ප්‍රදේශයේ පිහිටි නවාතැන්පළක රැඳී සිටි තවත් සිසුවියක් ද නිරෝධානයට යොමුකර ඇති බව වාර්තා වේ.
 

More News..